ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය නව මානයකට යොමු කරමින් ප්‍රබල නිර්මාණ රැසක් සිනමාවට දායාද කළ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අප්‍රකට නාට්‍ය දිවිය අළලා විරචිත ග්රන්ථ තිත්වයක් එළැඹෙන 31 වැනි බ්‍රහස්පතින්දා එලි දැක්වීමට නියමිතය.
ඒ එදින සවස මහවැලි කේන්ද්රයේදිය.
එතුමාගේ කලා දිවිය ආරම්භයේදීම නිර්මාණය කළ නාට්‍ය කිහිපයක් මේ සඳහා පාදක වී තිබේ.
එ අනුව පතිරාජයන් සිය ශාස්ත්‍රපති උපාධි නිබන්දනය ලෙස පේරාදෙණිය සරසවියට ඉදිරිපත් කළ “සිංහල නාට්‍යයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර අරගලය”, 1971 වසරේ ජාතික නාට්‍ය උළෙලට පරිවර්තනය කළ ඉයුජින් අයනෙස්කොගේ “පුටු” සහ එම වසරේදීම නිෂ්පාදනය කළ “කොරා සහ අන්ධයා” යන කෘතීන් ජනගත කිරීමට නියමිතය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නාට්‍යවේදී කපිල කුමාර කාලිංග සහ ආචාර්ය සෞම්‍ය ලියනගේ එදිනට කෙටි දෙසුම් පවත්වනු ඇත. උළෙල මෙහෙයවනු ලබන්නේ රංගධර ඩබ්. ජයසිරි විසිනි.