රාජ්‍ය සාහිත්‍ය උත්සවයට පූර්වගාමීව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන මෙම මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
දෙසුම එදින සවස ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ආරම්භ වනු ඇත.
“ඉන්දු ශ්‍රී ලංකා ශාස්ත්‍රීය සම්බන්ධතා සාහිත්‍ය කලා විෂයක පර්යාලෝකයක්” යන මැයෙන් මුඛ්‍ය දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පවත්වනු ලැබේ.
එහි ප්‍රාසාංගික දේශනය පැවැත්වෙන්නේ “සංගීත සහ නර්තන ප්රසාංගික කලා විෂයයක ඉන්දු ශ්‍රී ලංකා නිර්මාණාත්මක සංසපර්ශ” නමිනි.
එම දේශනය ප්‍රවීණ නර්තනවේදී රවිබන්ධු විද්‍යාපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ දෙපළ විසින් සිදු කරනු ඇත.
දේශනවලට අදාළ ග්‍රන්ථගත මුද්‍රිත පිටපත් මෙදින නොමිලයේ බෙදාදීමට කටයුතු සලසා තිබේ.