ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා කියන්නේ මතබේදයට තුඩුදුන්, ඉන්දියාව තුල වාරණයට පවා ලක් වුනු සිනමාපටයක්.
කෙසේ වෙතත් එල්ල වන බාධක හමුවේ තවත් එක් අඩියක් ඉදිරියට තබමින් මෙම සිනමාපටය ඇමරිකාව තුල තිරගත කිරීමට කටයුතු සුදානම් කර ඇති බව චිත්රපට සංවිධායකයින් පවසා සිටිනවා .
ඒ සඳහා ඔවුන් දින නියම කරගෙන ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදාටයි.
කොන්කනා සෙන් ශර්මා, රත්නා ශා, ආහානා කුම්රා සහ ප්ලබිතා බොර්තකුර් ප්රධාන චරිත රඟ දැක්වෙන මෙහි කතාව ගෙතී ඇත්තේ විවිධ වයස් වල සිටින ඉන්දීය ගැහැණු සිව් දෙනෙක් වටායි.
සමාජය විසින් පනවා ඇති සිමාවන් අතික්රමණය කර ඉන් ඔබ්බට සිය ජීවිතය මෙහෙයවන්නට ඇති ආසාව ඔවුන්ගේ ජිවිතයට එල්ල කරන විවිධ බලපෑම් ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා තුලින් කතා බහට ලක් කෙරේ.
අලන්ක්රිතා ශ්රිවාස්තව විසින් අධ්යක්ෂණය කර ඇති චිත්රපටය මේ වනවිට සම්මාන ගණනාවක් හිමි කරගැනීමට සමත් වී තිබේ.
ඒ ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළලේ දී ස්පිරිට් ඔෆ් ඒෂියා සම්මානය සහ මුම්බායි සිනමා සම්මාන උළලේ දී ඔක්ස්ෆැම් සම්මානය වශයෙනි.
“කාන්තා නැඹුරු බව” ,“අපවාදාත්මක වදන් සහ ලිංගික දර්ශන” ඇතුලත් වන බැවින් ච්ත්රපටය ඉන්දියාව තුල ප්රදර්ශනය අත්හිටවීමට එරට සිනමා වාරණ මණ්ඩලය මිට පෙර දී කටයුතු කර තිබුණි.