ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරනු ලබන 18 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් 15, 16 සහ 17 යන තෙදින තුළ දී පැවැත්වීමට නියමිතව තිබේ.
එය ජේ. ඩී. ඒ පෙරේරා කලාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම ඡායාරූප ප්‍රදර්ශනය ආරම්භක 15 වැනිදා පෙරවරු 10.00ට විවෘත කිරීමට නියමිතය.
ඒ තුර්කි ජනරජයේ තානාපති සහ ප්‍රවීණ සංගීතවේදිනි විශාරද නන්දා මාලිනීයගේ ප්‍රධානත්වයෙනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර www.npasslanka.org වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.