සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය පසුගියදා ප්‍රතිෂ්ඨාපනය කෙරුණි.
එම කටයුත්ත ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මෙම කාර්යාලය ආරම්භ කරනු ලැබුවේ කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ගොඩනැගිල්ල තුළ ය.
තොරතුරු පොතේ ප්‍රථම සටහන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් තැබුණු අතර රත්නපුරේ නන්ද ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන උප සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ඇතුළු පැවිදි, ගිහි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රතිෂ්ඨාපන කටයුතු සිදු විය.