කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල හෙවත් COINS සිනමා උළල එළැඹෙන මස 7,8,9 යන තෙදින තුලදී පැවැත්වීමට නියමිතව තිබේ.
2011 වසරේදී ආරම්භ කෙරුණු Colombo International Student Film Festival මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වතාවටය.
ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් මෙහි සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන අතර ප්‍රධාන අනුග්‍රහය ජනපති කාර්යාලයේ සංස්කෘතික අංශය සහ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් දක්වනු ලැබේ. සම අනුග්‍රහය ජාතික චිත්‍රපට සංස්ථාව විසිනි.
මෙවර උළල පැවැත්වෙන තෙදින තුල විනාඩි 30 කට නොවැඩි දෙස්, විදෙස් වෘතාන්ත හා වෘතාන්ත නොවන චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් තිරගත කිරීමට නියමිතය.
එසේම සජීවිකරණ චිත්‍රපට සඳහා ද එහි වෙනම අංශයක් විවෘත කර තිබේ.
මෙවර උළෙල සඳහා ලංකාවේ මෙන්ම විදෙස් ශිෂ්‍ය සිනමාකරුවන්ගේ ප්‍රතිචාරත්, චිත්‍රපටවල දායකත්වය ඉතා ඉහල මට්ටමක පවතින බව උළලේ සංවිධායකයෝ පවසති.
අවසන් දිනයේ පැවැත්වෙන සම්මාන රාත්රියේදී උක්ත අංශ ත්‍රිත්වය සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් පිරිනැමීමට ද ඔවුන් කටයුතු සම්පාදනය කොට ඇත.
විදෙස් සිනමා උළෙලවල් වල හොඳම සිනමාපට ඇතුලත් සිනමා පැකේජ ප්‍රදර්ශනයක්, පදනම් ආයතනයේ නුග ගස අසල එළිමහන් සිනමා කතිකාවතක්, දින තුන පුරාවට සිනමා වැඩමුළුවක්, සිනමාවේ තාක්ෂණයන් ඇතුලත් ප්‍රදර්ශනයක් යන සුවිශේෂී අංග රාශියක් ද මිට සමගාමිව සංවිධානය කොට තිබේ.
වැඩි විස්තර සඳහා http://coinsfilmfest.com/ වෙබ් අඩවියට පිවිසෙන්න.