ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ නවතම අධ්‍යක්ෂණයක් වන “5 සමත්” චිත්‍රපටය දිවයින පුරා ප්‍රදර්ශනයට සුදානම් කර තිබේ.
මෙම වසරේ අප්‍රේල් මස සිට රූගත කිරීම් ආරම්භ කරන ලද සිනමාපටය පහ වසර ශිෂ්‍යත්ව විභාගය තේමා කොට ගනිමින් නිර්මාණය කරන ලද්දකි.
මෙහි කතාව සහ තිර රචනය රසික සුරවීරආරච්චි විසිනි. කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධ, සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ, පසුබිම් සංගීතය කපිල පුගල ආරච්චි, වර්ණ සකසුරු දිනිඳු ජාගොඩ සිදු කෙරිණි.
ආචාර්ය රෝහණ වීරසිංහ, මහේෂ් දෙනිපිටිය සහ කපිල පූගල ආරච්චි චිත්‍රපටයේ සංගීත නිර්මාණය කර ඇත. ගීත රචනය රසික සුරවීරආරච්චි, බන්දුල නානායක්කාරවසම් සහ නන්දන වික්‍රමගේ අතින් නිම විය.
අයිරාංගනී සේරසිංහ, දිල්හානි අශෝකමාලා, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණි ඉද්දමල්ගොඩ, උද්දික ප්‍රේමරත්න, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනවිරත්න, දයාදේව එදිරිසිංහ, මැල්කම් මචාඩෝ, සද්ධාමංගල සුරියබණ්ඩාර සහ දරුවන් රැසක් “5 සමත්” සඳහා රංගන දායකත්වය සපයා ඇත.
සිය තෙවැනි සිනමා නිර්මාණය පිළිබඳව ජයප්‍රකාශ් සිවගුරුනාදන් මෙසේ අදහස් පල කළේය,
“වත්මන් සමාජය, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මානසිකව පීඩාවකට පත් කරන තරගකාරී තාත්වයකට පත් වෙලා. අද සමාජ වටපිටාව විසින් දෙමාපියන් මේ කෙරෙහි යොමු කරලා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ගැමි දරුවකු සහ නගරයේ දරුවකු මුලික කරගනිමින්, මේ සමාජ වටපිටාව දරුවන්ට හානිදායක අයුරින් බලපාන අන්දම පැහැදිලි කරන්න මෙම “ 5 සමත්” සිනමා කෘතියෙන් මම උත්සහ කළා,”