පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් “කළණ මිතුරු - පොත් සුමිතුරු” නමින් වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (06) ආරම්භවීමට නියමිතව තිබේ.
එම වැඩසටහන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ආරම්භ වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සමබර පෞරුෂයකින් හෙබි දරුවෙකු බිහි කිරීම සඳහා දරුවන් දැනුමෙන් පෝෂණය කිරීම හා සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීමේ අපේක්ෂාවෙන් යුත් මෙහි පළමු අදියරය දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් 2820 ක ක්‍රියාත්මක කෙරෙන අතර එම පාසල් සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත පොත් කට්ටල දෙක බැඟින් ලබා දීමට නියමිතය.
ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය මඟින් “කළණ මිතුරු - පොත් සුමිතුරු” ක්‍රියාත්මක කරනු ලබයි.