රුමේනියානු - ප්‍රංශ නාට්‍ය රචක යුජෙන් ඉයෙනොස්කොගේ The Bald Soprano නාට්‍යයේ සිංහල අනුවර්තනය වන "තට්ට ගායිකාව" කෘතිය පසුගියදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී ජනගත කෙරුණි.
තට්ට ගායිකාව සිංහල අනුවර්තනය කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර අතිනි.
මහාචාර්ය අශෝක ද සොයිසා, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, මහාචාර්ය සුමදි සිවමෝහන්, ප්‍රවීන ඡායාරූපවේදී හේමන්ත අරුණසිරි යන අය එදින කෙටි දේශනා පැවැත්වුහ.
ඊයෙනොස්කොගේ අභූතරූපී (Absurd) රංග සම්ප්‍රදායට අනුරූපව නිෂ්පාදනය වුණු නාට්‍යයෙහි සමහර කොටස් එහි රංගන ශිල්පීන් විසින් නිරූපණය කර දැක්වීමත් එහිදී සිදු විය.
මෙම කෘතියට 'තට්ට ගායිකාව' නාට්‍ය පිටපතට අතිරේක ව යූජෙන් ඉයොනෙස්කෝ සිය නාට්‍යය පිළිබඳ වරින් වර රචනා කළ කෙටි ලිපි තුනක් ද නාට්‍ය විචාරක මාටින් එස්ලින් ලියූ අභූතරූපී රංගය (The Theatre of the Absurd) නමැති සුප්‍රකට ලිපිය ද 'තට්ට ගායිකාව' පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ කංචුකා ධර්මසිරි ලියූ ලිපියක් ද සහිත උපග්‍රන්ථයක් ඇතුළත් වේ.
'තට්ට ගායිකාව' නාට්‍යය 2002 - 2016 කාලපරිච්ඡේදය තුළ කංචුකා ධර්මසිරිගේ අධ්‍යක්ෂණයෙන් යුතු ව වේදිකාගත විය.
https://mirrorarts.lk/news/1825-bold-soprano#sigProIdabc58e8fae
ඡායාරූප: හේමන්ත අරුණසිරි