වර්ගවාදයට එරෙහිව මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටී නිර්භීත ජේෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක වූ ගෞරි ලංන්කේශ් වෙඩිතබා ඝාතනය කෙරේ.
දක්ෂිණ ඉන්දීය ප්‍රාන්තයක් වන කර්ණාටක හිදී ඇය මරා දමා ඇතැයි එරට පොලිසිය පවසයි.
බැන්ගලෝර් හි පිහිටි ඇගේ නිවසෙහි දොර අසල ලේ විලක් මැද වැටි සිටියදී 55 හැවිරිදි ගෞරි ගේ මෘත සිරුර හමු වී ඇත.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරු ඇගේ හිසටත් පපුවටත් වෙඩි තබා තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් පැහැදිලි වී නැත.