සොඳුරුමය ද එදවස
මිහිරි ද කවිමිහිර
කළුවර ද මැදියම
කාලක් නෙමෙයි තුන් කාලක් ද
මේ ප්රශ්නය මගෙයි.
හැබැයි මේ ප්‍රශ්නවලට උත්තර බඳින්න මගේ යාළුවො හතර දෙනෙක් සුදානම්. ඔවුන්ගෙ උත්තර මොනවද කියල අහන්න එන්න.
කොළඹ 07 ශ්‍රී ලංකා පදනමට සැප්තැම්බර්11 සඳුදා හවස 3ට. ජැක්සන් ඇන්තනි- සමන්ත හේරත් - අශෝක හඳගම - ජයලත් මනෝරත්න
ඔවුන් උත්තර බඳින මොහොතෙ ඔවුන් වගේම මගේ මිත්‍ර සමාජයේ ඉන්න ඔබත් මං එක්ක ඉන්නවා දකින්න මං එක්ක ඉන්නවා දකින්න මං කැමතියි. ඔන්න මං ආරාධනා කළා ඉතින් නෑවිත් ඉන්න බෑ.
නෑ මං දන්නවා ඔබ නොවැරදීම එනවා කියලා. බුද්ධි
අමතක වුණා තවත් දෙයක් මගේ ප්‍රශ්ණවලට උත්තර බඳින විරාමයකදී අපිට කවියක් දෙකක් රසවිඳින්න පුළුවන්.
දීපිකා- ඉන්දිකා- මාදිනී. රවීන්ද්‍ර ඒ කටයුත්ත බාර ගෙන.
වේදිකාව බරදීලා තියෙන්නෙ තවත් යාළුවෙකුට බන්ධුලට.