මෙරට ජනප්‍රිය ගායිකාවක් වන ටීෂා පෙරේරා ඇමරිකාවේ කලා සඟරාවක මුල් කවරය වෙනුවෙන් පෙනී සිටි බව මිරර් ආට් වෙත වාර්තා වුණා.
“ද රිදමික් ලුන්ජ්” නම් සඟරාවෙහි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය එහි 217 අගෝස්තු මස මුල් කවරය සඳහා පෙනී සිට ඇත.
“මම ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයට පැමිණි මුල් අවධිය දැනට වඩා වෙනස්. මොකද බෞද්ධ රටක් විදියට අපිට අපේ සංස්කෘතිය විවිධ අයුරින් ආරක්ෂා කරන්න සිදු වුණා. විශේෂයෙන්ම කාන්තාවන්ට විවිධ බාධක තිබුණා. මට එය වෙනස් කරන්න අවශ්‍ය වුණා. මම ක්ෂේත්රයට ආවේ වෙනම හැඩයක පොප් /හිප් හොප් ශිල්පිනියක් විදියට. පළමුව මිනිසුන් මා ගැන කතා වෙන්න පටන් ගත්තා හොඳ සහ නරක යන දෙවිදියටම. අනෙකුත් කාන්තා ශිල්පිනියන් මා විවේචනයට ලක් කළා මොකද මම එයාලට වඩා වෙනස් නිසා. නමුත් මම කරන දේ නැවත්වුවේ නැහැ. මගේම රටාවක් හදාගන්න මම මහන්සි වෙලා වැඩ කළා. ඒ නිසා මම සාර්ථක වුණා,” යනුවෙන් එහිදී ඇය පවසා තිබේ.
එසේම ඇමරිකානු පටිගත කිරීමේ සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික ගායිකාව තමන් වීම විශාල ජයග්‍රහණයක් බව ටීෂා පවසා ඇත.
“මගේ මව් භාෂාව ඉංග්‍රීසි නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ගීත ලිවිම මට විශාල අභියෝගයක් වුණා. මට එයත් ජයගැනීමට හැකිවුණා,”