lan englan tam

පුවත්

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සදහා විශ්‍රාම දීමනා (ඡායා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සදහා විශ්‍රාම දීමනා ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කරනු ලැබුවා. 

 ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ප්‍රථම විශ්‍රාම ලාභීන් 40 දෙනා වෙත චෙක්පත් හා සහතිකපත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කළා. 

මෙහිදි ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා ජනාධිපතිවරයා විසින් පසුගියදා රුපියල් ලක්ෂ 250 ක මුදලක් ද ලබා දී තිබෙනවා. 

 ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ, භාණ්ඩාගාරික රොහාන් ද සිල්වා යන අය ඇතුළු එහි සමාජික සාමාජිකාවන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 

kemadasa

shungara

Back to top
Go to bottom