දකුණු හා නැඟෙනහිර ආසියානු කලාපයෙන් සෙංගමාල රෝගය තුරන් කිරීම සඳහා මිතුරු තානාපති ධූරයට ඉන්දීය රංගන ශිල්පී අමිතාබ් බච්චන් පත් කරගෙන තිබේ.
මෙම පත්වීම සිදු කර ඇත්තේ උක්ත රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා මාලදිවයිනේදී පැවැත්වුණු සමුළුවේදී ය.
නව පත්වීම දකුණු හා නැඟෙනහිර ආසියා රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සමුළුවේ හිටපු සභාපතිවරයා වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ ඇගැයීමට ලක්විය.
ශ්‍රී ලංකාව තුළ සියයට දෙකකට අඩු ප්‍රතිශතයකින් සෙංගමාල වයිරසය ව්‍යාප්තව පවතින බවත් මාත්‍රා තුනකින් සමන්විත සෙංගමාලය "බී" සඳහා වන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ, විද්වත් අදහස් මත උපතේදී ලබාදෙන මාත්‍රාවද ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් රාජිත සේනාරත්න ඇමැතිවරයා එහිදී පැවැසීය.