ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා විසින් නිර්මාණය කළ සිව්වන චාරිකාලංකාරය 'සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ' කෘතිය සැප්තැම්බර් 12 වැනිදා උදෑසන 9.30 ට චීනයේ බෙයිජිං අගනුවර වංශු හෝටලයේ බහුකාර්ය ශාලාවේදී එළිදැක්වේ.
චීනයේ සහ එහි ටිබෙට් ස්වායත්ත කලාපයේ සමාජ, සංස්කෘතික හා දේශපාලන තොරතුරු රැසක් සංග්‍රහ කෙරෙන 'සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ' කෘතිය සුරස ප්රකාශනයකි.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා සහ අග්නිදිග ආසියානු බියුරෝවේ අධ්යක්ෂ ජනරාල් යුආන් ෂිබින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දොරට වැඩුමෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් පවත්වනු ලබන අතර, චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට සහභාගි වනු ඇත.
චීන විද්වතුන්, සාහිත්‍යධරයන් සහ චීනයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනුයේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අන්තර්ජාතික දෙපාර්තමේන්තුව විසිනි.




