කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල හෙවත් COINS පසුගිය 7,8,9 යන තෙදින තුල කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.
එහිදී දෙස් විදෙස්, වෘතාන්ත වෘතාන්ත නොවන සහ සජීවිකරණ සිනමාපට යන අංශ ත්‍රිත්වය සඳහා සම්මාන පිරිනැමුණි.
COINS රන් සම්මානය පිරි නැමුණේ ප්‍රංශය නියෝජනය කරමින් ඉදිරිපත් කළ Overrun සිනමා නිර්මාණය වෙතයි.
පිරිනැමුණු සිනමා සම්මාන මෙසේය,
වෘත්තාන්ත චිත්‍රපට අංශය
හොඳම අධ්‍යක්ෂණය - ක්ලෙමන්ස් රෝත් - The Fantastic Love Of Bee Boy And Flower (ජර්මනිය)
හොඳම සංස්කරණය - නදුන් තාරක පද්මසිරි - 1.75 (ශ්‍රී ලංකාව)
හොඳම කැමරාකරණය - යෝෂිත දිල්පසඳ පෙරේරා - Dispersion Of White Light (ශ්‍රී ලංකාව)
හොඳම ශබ්ද පරිපාලනය - ගිහාන් මධුසංඛ පෙරේරා - Dispersion Of White Light (ශ්‍රී ලංකාව)
වෘත්තාන්ත නොවන චිත්‍රපට අංශය
හොඳම අධ්‍යක්ෂණය - හනා ෆ්රේෂර්, සොෆියා මෙලිනික් සහ නීනා ප්රෙන්ජ් - The World We Live In (ජර්මනිය)
හොඳම සංස්කරණය -ෆ්රෑන්ක් කාර්ස්ටන් වෝල්ටර් (The World We Live In) (ජර්මනිය)
හොඳම කැමරාකරණය -සඳරුවන් අබේසිංහ - අවසන් සැරසුම - (ශ්‍රී ලංකාව)
හොඳම ශබ්ද පරිපාලනය-දීපක් ජේන් - Nirvana (ඉන්දියාව)
සජීවකරණ චිත්‍රපට අංශය
Best Cg Acting -Gp-To (ප්‍රංශය)
Best Animation Look Development - Overrun - (ප්‍රංශය)
Best CG Film - Overrun (ප්‍රංශය)
ප්‍රේක්ෂකාගාරයෙන් පිදෙන සම්මානය
ධනංජය බණ්ඩාර - Song of the Innocent (ශ්‍රී ලංකාව)
කුළුඳුල් නිර්මාණය වෙනුවෙන් COINS ග්‍රාන්ට් සම්මානය - චරිත් ද සිල්වා
ගෞරව සම්මානය - ජූඩ් රත්නම්
COINS උපහාර සම්මාන -
ඈෂ්ලි රත්නවිභූෂණ
එම්. ඩී. මහින්දපාල