ළමා ආරක්ෂණය පිළිබඳ සංකල්පය වීථි නාට්‍ය ප්‍රදර්ශන මඟින් දිවයින පුරා සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ වරිනිද ලිවේරා මහත්මිය පැවසුවාය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර තිබෙන "දරුවන් සුරකිමු" ජාතික වැඩසටහනට සමගාමීව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව පැවසේ.
ළමා ආරක්ෂාව පිළිබඳව කියැවෙන "බිංදු රාණිට යාළුවෙක්" නමැති මේ වීථි නාට්‍යය රඟ දැක්වීමේ පළමු වැඩසටහන පසුගියදා මහනුවර පොදු වෙළෙඳ සංකීර්ණය ඇතුළු ස්ථාන කීපයක සිදු කෙරුණි.