ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට කළ මෙහෙවර සහ ඔහුගේ මතකය ඇගයිම පිණිස “මාස්ටර් සහ රිදී තිරය” නමින් සිනමා උළෙලක් සංවිධානය කොට තිබේ.
කේමදාස පදනම විසින් සංවිධාන කරනු ලබන එම උළෙල ඔක්තෝබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
චිත්‍රපට සම්බන්ධයෙන් කතිකාවතක් පැවැත්වීමට ද සංවිධායකයන් කටයුතු යොදා ඇත.
එසේම උළලේ අවසන් දිනය වන 24 වැනිදා ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංස විලක් සිනමා නිර්මාණය ඩිජිටල් තාක්ෂනය ඔස්සේ තිරගත කිරීමට ද නියමිත ය.
ඔක්තෝබර් 20 -ගොළු හදවත සවස 6.30 ට
ඔක්තෝබර් 21 -වාසනා සවස 2.30ට / නිධානය සවස 6.30ට
ඔක්තෝබර් 22 -ලොකුම හිනාව සවස 2.30ට / සිරි මැදුර සවස 6.30ට
ඔක්තෝබර් 23 -බඹරු ඇවිත් සවස 6.30ට
ඔක්තෝබර් 24 -හංසවිලක් සවස 6.30ට
අතීතයේ තිරගත කෙරුණු සිනමා නිර්මාණ නැවත වරක් රස විඳීමට මෙමඟින් මහජනයා වෙත විවෘත අවස්ථාවක් සැලසේ.