දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති තනතුරට ප්‍රවීණ මාධ්‍යවේදී චිත්‍රපට අධ්යක්ෂ රොහාන් වැලිවිට තේරී පත්විය.
පසුගියදා සිංහල සංස්කෘතික ආයතනයේ ගාමිණී ෆොන්සේකා අනුස්මරණ ශාලාවේ පැවති එම සංගමයේ මහසභා රැස්වීමේදී නිතරඟයෙන් ඔහු මෙම තනතුරට පත් විය.
ප්‍රධාන ලේකම් ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ එරංග සේනාරත්න,භාණ්ඩාගාරික ලෙස යු.ඩබ්ලිව්.ප්‍රේමරත්න, කැඳවුම්කරු ලෙස නවපරපුරේ චිත්‍රපට අධ්යක්ෂ කීර්ති බණ්ඩාර, ,ප්‍රධාන සංවිධායක ලෙස ජගත් ගලප්පත්ති,ප්රචාරක ලේකම් ලෙස සනෝජා බිබිලේ, ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස ඩී.බී.වර්ණසිරි යන පිරිස තේරී පත්වූ අතර සිනමා කර්මාන්තයේ ප්‍රවීනයන් 16 දෙනෙකු කාරක සභාවට පත්කර ගන්න ලදී.
නව නිලධාරී මණ්ඩලයේ නිල කාලය වසර දෙකකට සීමාවේ.