සිනමාපටයක විශිෂ්ටත්වය එකී සිනමාපටයේ අධ්‍යක්ෂණය, රංගනය, කැමරාකරණය, සංස්කරණය , කලා අධ්‍යක්ෂණය, ශබ්ද සැලසුම්කරණය ඇතුළු සියලු අංශයන්හී හෝ අංශයන් කිහිපයක විශිෂ්ටතාවය මත රඳා පවතී. මේ නිසාවෙන් මෙතෙක් මෙරට පැවති සෑම සිනමා සම්මාන උළෙලකදීම ‘හොඳම සිනමාපටය’ ලෙසින් කිරුළ දරන සිනමාපටය, එකී කිරුළට ඉවහල්වන තවත් එක් ප්‍රධාන සම්මානයකින් හෝ සම්මාන කිහිපයකින් හෝ පිදුම් ලැබීම දක්නට ලැබුණි. එහෙත් එකී ජූරි රීතින් සියල්ල බිඳලමින් , 70 වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ, කිසිඳු දේශීය සිනමා සම්මාන උළෙලක ජූරියක් විසින් ලබා නොදුන් ෛඑතිහාසික ජූරි තීරණයක් උළෙලේ ‘හොඳම සිනමාපටය’ සඳහා වූ සම්මානය වෙත ලබා දෙමින් 40 වෙනි සිග්නීස් උත්තමාචාර සිනමා සම්මාන උළෙල ඊයේ (2017.10.13) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී නිමාවිය.
ඒ මෙවර සිග්නීස් සම්මාන උළෙලේදී කිසිදු ප්‍රධාන සම්මානයකට (ස්වර්ණ සම්මාන) හිමිකම් නොකියූ ‘සක්කාරං’ සිනමාපටය උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙස කිරුළ පළඳවමිනි.
2016 වර්ෂයේ මෙරට තිරගත වූ සිනමාපට 24 ක් අතුරින් සිනමාපට 09 ක් ඊයේ දින උළෙලේ පිරිනැමූ ජූරි සම්මානයන් 23 කට හිමිකම් කියූ අතර, එහිදී උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම්ලැබූ සිනමාපටය බවට අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ සිනමාපටය පත්විය. මෙහිදී මීට සතියකට පෙර (2017.10.06) නිමාව දුටු දෙරණ සිනමා සම්මාන උළෙලේ සම්මානලාභින් අති බහුතරයකට , සිග්නීස් සිනමා සම්මාන උළෙලේ ජූරිය ලාබා දුන් ජූරි තීරණ මත සම්මාන අහිමිව ගිය අතර , එහිදී දෙරණ හා සිග්නීස් ජූරි මණ්ඩල ද්විත්වය හමුවේ වෙනසකට බඳුන් නොවූ සම්මාන සංඛ්‍යාව සම්මාන ත්‍රිත්වයක් (හොඳම නිළිය-ස්වර්ණා මල්ලවාරච්චි-ඇගේ ඇස අග/ හොඳම තිරරචනය -අශෝක හඳගම - ඇගේ ඇස අග/ හොඳම සංස්කරණය-තිස්ස සුරේන්ද්‍ර -මෝටර් බයිසිකල්) වැනි ඉතා සුළු සංඛ්‍යාවකට සීමා වීම කැපී පෙනුනි. මෙලෙස උළෙලයන් ද්විත්වයේ ජූරි තීරණයන්හී බොහෝ පරස්පරතාවයන් පෙන්නුම් කරද්දී, උළෙලයන් ද්විත්වයේම ජූරි මණ්ඩලයට ජාත්‍යන්තර සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ ඇතුල්ව සිටීම විශේෂත්වයක් ගෙනදුනි. එයට අමතරව දෙරණ සිනමා සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් (07) ලද සිනමාපටය ලෙසින් පෙරමුණ ගත් ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය හට සිග්නීස් සිනමා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් සෑහීමට පත්වීමට සිදුවීම කැපී පෙනුනු අතර, 2006 වසරේ ‘අංජලිකා’ සිනමාපටය හරහා ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ පූජා උමාශංකර්හට, ජූරි තීරණයන් මත සම්මානයක් පිරිනැමූ පළමු දේශීය සිනමා සම්මාන උළෙල බවට 40 වෙනි සිග්නීස් උත්තමාචාර සිනමා සම්මාන උළෙල පත්වීම විශේෂත්වයක් සනිටුහන් කිරීමට සමත්විය.
සම්මාන විසිරීම-
ඇගේ ඇස අග- සම්මාන 06/ සරිගම- සම්මාන 04/ පත්තිනි- සම්මාන 03/ මෝටර් බයිසිකල්- සම්මාන 02/ සයපෙති කුසුම- සම්මාන 02/ සක්කාරං- සම්මාන 02/ උසාවිය නිහඬයි- සම්මාන 01/ ආදරණීය කතාවක්- සම්මාන 01/ZOOM- සම්මාන 01/ පත්තිනි-සරිගම ඒකාබද්ධ සම්මාන- 01
උළෙලේ සිනමා ජූරිය-
ලාල් පුෂ්පදේව පියතුමා (සභාපති)/ එඩ්වින් ආරියදාස/ සුමිත්‍රා පීරිස්/ ධර්මසිරි බණ්ඩාරනායක/ ඈෂ්ලි රත්නවිභූෂණ/ අජිත් මෙන්ඩිස්
සිග්නීස් ස්වර්ණ සම්මාන ඛාණ්ඩය-
• හොඳම චිත්‍රපටය (Best Picture): සක්කාරං (ධර්මසේන පතිරාජ)
• හොඳම අධ්‍යක්ෂකවරයා ( Best Director): අශෝක හඳගම (ඇගේ ඇස අග)
• හොඳම තිර රචනය (Best Screenplay): අශෝක හඳගම (ඇගේ ඇස අග)
• හොඳම නළුවා (Best Actor): දසුන් පතිරණ (මෝටර් බයිසිකල්)
• හොඳම නිළිය (Best Actress): ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)
• හොඳම සහාය නළුවා (Best Actor In a Supporting Role): ජෙහාන් අප්පුහාමි (සයපෙති කුසුම)
• හොඳම සහාය නිළිය (Best Actress In a Supporting Role): රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)
• හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): චිත්‍රාල් සෝමපාල - ඇහැරෙන්න ඉතින් දැන්වත් (ඇගේ ඇස අග)
• හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): උරේෂා රවිහාරි -සමනලයින් පාට පාට (සරිගම)
• හොඳම ගී පද රචනය (Best Lyrics): ප්‍රණීත් අබේසුන්දර - පත්තිනි දේවි අහසින් වඩිනා (පත්තිනි)
• හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): චන්න දේශප්‍රිය (ඇගේ ඇස අග)
• හොඳම සංස්කරණය (Best Editing )- තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)
• හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සරිගම)
• හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): රෝහණ වීරසිංහ (සරිගම)
• හොඳම වර්ණ සංයෝජනය (Best Colour Grading)- ආනන්ද බණ්ඩාර (සරිගම)
• හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): බිමල් දුෂ්මන්ත (පත්තිනි)
• හොඳම වේෂ නිරූපණය (Best Make up): සමීර මධු කිඳෙල්පිටිය (පත්තිනි)
සිග්නීස් විශේෂ ජූරි සම්මාන ඛාණ්ඩය-
• ජූරියේ විශේෂ සම්මානය-අධ්‍යක්ෂණය (Special Jury Award for Directing): ප්‍රසන්න විතානගේ (උසාවිය නිහඬයි)
• ජූරියේ විශේෂ සම්මානය-රංගනය (Special Jury Award for Acting): පූජා උමාශංකර් (පත්තිනි/සරිගම)
කුසලතා ඇගයීම් සහතික ඛාණ්ඩය-
• කුසලතා සහතිකය- රංගනය (Certificate of Merit- Acting): ප්‍රසාදිනී අතපත්තු (සක්කාරං)
• කුසලතා සහතිකය- රංගනය (Certificate of Merit- Acting): යශෝධා රසදුනි (සයපෙති කුසුම)
• කුසලතා සහතිකය- රංගනය (Certificate of Merit- Acting): ශේෂාද්‍රි ප්‍රියසාද් (ZOOM)
• කුසලතා සහතිකය- සංගීත අධ්‍යක්ෂණය (Certificate of Merit- Music Direction): උදාර සමරවීර (ආදරණීය කතාවක්)
දශක සතක උපහාර සිනමා සම්මාන ඛාණ්ඩය-
• ලෙස්ටර් ජේම්ස් පීරිස් (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
• ධර්මසේන පතිරාජ (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
• අයිරාංගනී සේරසිංහ (සිනමා රංගනය වෙනුවෙන්)
• මාලනී ෆොන්සේකා (සිනමා රංගනය වෙනුවෙන්)
• සෑම් පෙරේරා (සිනමා කේෂ අලංකරණය වෙනුවෙන්)