මෙවර මෑන් බුකර් සම්මානය හිමිකරගැනීමට “ලින්කන් ඉන් ද බර්ඩෝ” ග්‍රන්ථය රචනා කළ ඇමරිකානු ලේඛක ජෝර්ජ් සන්ඩර්ස් සමත්විය.
ඒ සමඟම බ්‍රිතාන්‍ය පවුම් 50,000 ක් වටිනා බුකර් සම්මානය හිමිකරගත් දෙවැනි ඇමරිකා ජාතිකයා ඔහු බවට පත් විය.
ඒබ්‍රහම් ලින්කන්ගේ බාල පුතුගේ මරණයෙන් ශෝකයට පත් ලින්කන් වටා මෙහි කතා පුවත දිව යයි.
මෙම කෘතිය සන්ඩර්ස්ගේ පළමු නවකතාව වන අතර ඔහු රචිත නව වැනි ග්‍රන්ථයයි.
මින් පෙර ඔහු විසින් ලියන ලද “ටෙන්ත් ඔෆ් ඩිසෙම්බර්” කෙටි කතා එකතුව සඳහා ෆෝලියෝ සහ ස්ටෝරි නම් සම්මානයන්ට හිමිකම් කියා ඇත.
මෙම සම්මානයේ අවසන් වටය සඳහා තවත් කතුවරුන් පස් දෙනෙක් නිර්දේශ වී තිබුණි.