ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් නිර්මාණය කළ නවතම සිනමාපටය වන “අන්ඩර් පෑන්ට්ස් තීෆ්” 22 වැනි බූසාන් අන්තර් ජාතික සිනමා උළලේ ආසියානු කාණ්ඩයේ ප්‍රදර්ශනය සඳහා තේරී පත්වී ඇත.
චිත්‍රපටයේ පළමු ප්‍රදර්ශනය පසුගිය 13 වැනිදා සිදු කළ අතර තව දර්ශන වාර දෙකක් එහිදී පැවැත්වීමට නියමිතය.
සිනමා උළෙල ඔක්තෝබර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැත්වේ.
විනාඩි 96 ක් පුරා දිවෙන අන්ඩර් පෑන්ට් තීෆ් සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයකි. මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබේ.
පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මෙහි රංගන දායකත්වය සපයයි.
“අන්ඩර් පෑන්ට්ස් තීෆ්” නිෂ්පාදනය රේණුකා බාලසුරිය විසිනි. සංගීතය රෝහණ වීරසිංහ අතින් නිම වී ඇත.
කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්ව බාලසූරිය, සංස්කරණයෙන් අජිත් රාමනායක , ශබ්ද සංකලය පි‍්‍රයන්ත කළුආරච්චි සහ සහාය අධ්‍යක්ෂණය චාමර චින්තක සේලාර දායකත්වය ලබා දී තිබේ.