ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් 19 වැනිදා පෙරවරුවේ කොළඹ පුස්තකාල ප්රලේඛණ මණ්ඩලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් සිදු කරනු ලැබීය.
ඩී.බී. ධනපාල අනුස්මරණය කරමින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් ප්‍රවීණ පුවත්පත් කතුවරුන් කිහිපදෙනෙකු වෙත සහ ඩී.බී ධනපාල මුණුබුරු ආචාර්ය ධනුෂ්ක මීගහවත්ත සහ මිණිබිරි චින්තතී සුරනිමල වෙත පිළිගැන්වීය.
ප්‍රවීණ මාධ්‍යවේදීන්, පුවත්පත් කතුවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ පුවත් මණ්ඩලයේ සභාපති නීතිඥ කොග්ගල වෙල්ලාල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.