මෙරට සංගීත ක්ෂේත්රයේ පොප් සංගීතයේ රජු ලෙස විරුදාවලි ලත් සී. ටී ප්‍රනාන්දුගේ 40 වැනි අනුස්මරණ උලෙළ වෙනුවෙන් 'සඳවට රන්තරු' 40 උපහාර ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
උළෙල ඔක්තෝබර් 21 වැනි සෙනසුරාදා ගම්පහ, සුමේධ රංගන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළුව ගායන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගී වනු ඇත.
ප්‍රසංගයේ සංගීතය උපාලි ප්‍රනාන්දු ප්රමුඛ වාද්‍ය වෘන්දය විසිනි.
'සඳවට රන්තරු' සංවිධානය කරන්නේ මිල්ටන් මලවිආරච්චි විසිනි.