ලෝක ප්‍රකට කිවිවර චිලි ජාතික පැබ්ලෝ නෙරුඩා, සිය දිවියෙන් සමුගත්තේ පිළිකාවක් නිසා නොවන බව අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසා තිබේ.
ජෙනරාල් ඔගස්ටෝ පිනොචෙට් විසින් 1973 දී දියත් කළ හමුදා කැරැල්ලෙන් පසු සති දෙකකට අඩු කාලයක් තුලදී නොබෙල් ත්‍යාගලාභී නෙරුඩා, පුරස්ථි ග්රන්ථ පිළිකාවක් හේතුවෙන් මියගිය බව මින්පෙර කියැවුනි.
නමුත් ඔහුගේ රියදුරු වශයෙන් සේවය කළ මැනුවෙල් අරායා තරයේ ප්‍රකාශ කර තිබුනේ රහස් සේවාවක් විසින් නෙරුඩාට විෂ ලබා දීම නිසා මරණය සිදු වුනු බවයි.
කෙසේ වෙතත් නෙරුඩාගේ මෘත ශරීරය පිළිබඳව සිදු කළ නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ඔහු පිළිකාවක් නිසා මිය නොගිය බවයි.
නමුත් සැබෑ හේතුව තවමත් හෙළි කර නැත.
නෙරුඩා පුරස්ථි ග්රන්ථ පිළිකාවකින් පිඩා විඳ ඇති නමුත් එයින් ජිවිතයට එල්ල වී තිබුන හානිය අවම බව විශේෂඥ අදහසයි.
තුන්වැනි පාර්ශවයක් ඔහුගේ මරණය සඳහා හේතු විය හැකි බව 16 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම තීරණයකට එළැඹ තිබේ.
පැබ්ලෝ නෙරුඩා දිවියෙන් සමුගත්තේ 1973 සැප්තැම්බර් 23 වැනිදාය.