නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වුණු දකුණු ආසියානු වාර්තාමය සිනමා උළෙලේ හොඳම සිනමා නිර්මාණයට හිමි රාම් බහදුර් සම්මානය ජූඩ් රත්නම්ගේ “ඩීමන්ස් ඉන් පැරඩයිස්” චිත්‍රපටය සඳහා හිමි වී තිබේ.
දකුණු අසියා කලාපයේ හොඳම ප්‍රබන්ධ නොවන යථාර්තවාදී සිනමා නිර්මාණ 63 ක් අතරින් මෙම සම්මානය සඳහා තුෂාර් මාධව් සහ සර්වනික් කෝර්ගේ “සොස්- අ බැලඩ් ඔෆ් මෝල්දිව්ස්” සම හිමිකම් කියා ඇත.
සම්මාන උළෙල නොවැම්බර් 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වුණි.
නේපාල කර්තෘ සහ ප්‍රකාශකයකු වන කුන්දා ඩික්සිත් , පකිස්ථාන චිත්‍රපට අධ්යක්ෂ ෆර්ජාඩ් නාබි සහ ඉන්දීය ජේෂ්ඨ මාධ්‍යවේදී රාජාශ්‍රී දාස්ගුප්තා යන අයගෙන් සමන්විත ජූරියක් විසින් මෙහි ජයග්‍රාහකයන් තෝරා පත් කරගෙන ඇත.
මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පාදක කරගනිමින් නිමවුණු,වැනේසා දුග්නැග් සහ ෆැබ්රිස් ලෝනේගේ “ගොස්ට්ස් ඔෆ් වෝ” චිත්‍රපටය ද ඉදිරිපත් කර තිබුණි.