ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී ඊයේ දින (2017. 11.25) නිමාව දුටු 07 වෙනි දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේ කිරුළ හෙවත් හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මානයෙන් (Trophy for Best Feature Film) පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කල අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ (Let Her Cry) සිනමාපටය සමත්විය.
‘ඇගේ ඇස අග’ සිනමාපටයට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘සයපෙති කුසුම’ (Frangipani) සිනමාපටයත්, අනෙකුත් සාක් කලාපීය රටවල් නියෝජනය කරමින් තවත් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Long Features) 14 කුත් ඉහත සම්මානය වෙනුවෙන් තරඟ වැදුනි. මෙහිදී ‘හොඳම වෘත්තාන්ත සිනමාපටයට’ අමතරව හොඳම අධ්‍යක්ෂක (Best Director) උදෙසා වූ සම්මානයද ‘ඇගේ ඇස අග’ වෙනුවෙන් දිනා ගැනීමට අශෝක හඳගම සමත්වීම විශේෂත්වයකි.
සාක් කලාපීය රටවල් 08 නියෝජනය කරමින් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සහ කෙටි සිනමාපට 23 ක් උළෙලේ පිරිනමන සම්මාන උදෙසා තරඟ වැදුනු අතර , එහිදී පකිස්ථානය හැරුනු කොට උළෙල නියෝජනය කල අනෙකුත් රටවල් 07ට අදාල සිනමාපට 10 ක් සම්මාන 14 කින් පිදුම් ලැබීමට සමත්විය.
එහිදී උළෙලේ වැඩිම සම්මාන ලද රට බවට සම්මාන 04 කින් පිදුම් ලද ශ්‍රී ලංකාව පත්විය. මෙහිදී ‘ඇගේ ඇස අග’ සිනමාපටය ලද පෙරකී සම්මාන ද්විත්වයට අමතරව , ශ්‍රී ලංකාව නියෝජනය කල ‘සයපෙති කුසුම’ සිනමාපටය ‘හොඳම නළුවා’ (Best Actor) උදෙසා වූ සාමුහික සම්මානයෙන් මෙන්ම ජූරියේ විශේෂ සඳහනකින් (Special Jury Mention) පිදුම් ලැබීය.
එසේම ඉන්දියාව සහ නේපාලය සම්මාන ත්‍රිත්වය බැගින්ද, ඇෆ්ගනිස්ථානය සම්මාන ද්විත්වයක්ද, බංගලාදේශය සහ මාලදිවයින එක් සම්මානය බැගින්ද ජයග්‍රහණය කරන ලදී.
2015 වර්ෂයේ එස්තෝනියාවේ පැවති 19 වෙනි ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලෙන් (Tallinn Black Nights Film Festival) අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කිරීමේ සමාරම්භය සනිටුහන් කල ‘ඇගේ ඇස අග’ සිනමාපටය, සාක් සිනමා උළෙලත් සමග නියෝජනය කල සමස්ථ උළෙල සංඛ්‍යාව හතක් (07) වූ අතර, සාර්ක් උළෙලේදී ලද සම්මාන දිවිත්වය එකී සිනමාපටය ලද පළමු ජාත්‍යන්තර සම්මාන ජයග්රහණයන් ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. මෙකී සම්මාන ද්විත්වයත් සමග අශෝක හඳගම සිය සිනමා නිර්මාණයන් උදෙසා ලද සමස්ථ ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 21 ක් වූ අතර , එය එදා මෙදාතුර ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරයෙකු සිය නිර්මාණ උදෙසා ලද තෙවෙනි වැඩිම සම්මාන සංඛ්‍යාව බවට පත්විය. (1. සෝමරත්න දිසානායක – සම්මාන 28/ 2. ප්‍රසන්න විතානගේ – සම්මාන 25)
2014 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දිෆෙස්ට් සිනමා සම්මාන තරඟයෙන් (The Indie FEST Film Awards) උළෙලයන් නියෝජනය කිරීමේ සමාරම්භය සනිටුහන් කල ‘සයපෙති කුසුම’ සිනමාපටය සාක් සිනමා උළෙලත් සමග නියෝජනය කල සමස්ථ උළෙල සංඛ්‍යාව විසි පහක් (25) ක් වූ අතර, සාර්ක් උළෙලේදී ලද සම්මාන දිවිත්වය එකී සිනමාපටය ලද 08 වෙනි සහ 09 වෙනි ජාත්‍යන්තර සම්මාන- සහතික ජයග්රහණයන් ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. මෙකී සම්මාන - සහතික ජයග්රහණයන් සමග , ‘සයපෙති කුසුම’ සිනමාපටය එය එදා මෙදා තුර අන්තර්ජාතික සිනමා සම්මාන වැඩිම සංඛ්‍යාවකින් පිදුම් ලද දෙවැනි ශ්‍රී ලාංකේය කුළුදුල් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසටත් (1. සුළං කිරිල්ලි - ඉනෝකා සත්‍යාංගනී- සම්මාන 10), එදා මෙදා තුර අන්තර්ජාතික සිනමා සම්මාන වැඩිම සංඛ්‍යාවකින් පිදුම් ලද තෙවෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසටත් ඉතිහාසයට එක්විය (1. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හඳගම සම්මාන 10/ 1. සුළං කිරිල්ලි - ඉනෝකා සත්‍යාංගනී- සම්මාන 10)
Award Winners of 7th SAARC Film Festival 2017
Best Feature Film- ‘Let Her Cry’ (Sri Lanka)
Best Film (Open Category) - Black Hen (Nepal)
Best Director – Ashoka Handagama for ‘Let Her Cry’ (Sri Lanka)
Best Actor - Dasuna Pathirana, Jehan Appuhami & Bhoomi Harendran for ‘Frangipani’ (Sri Lanka)
Best Actress- Aishath Rishmy for ‘Vishka’ (Maldives)
Best Screenplay- Tauquir Ahamed for ‘Oggatonama’ (Bangladesh)
Best Editor- Sandeep Adhikari for ‘Dying Candle’ (Nepal)
Best Cinematography- Ahmad Zia Arash for ‘The Bird was not a Bird’ (Afghanistan)
Best Sound Designer- Rakshit Thantri for ‘Pinky Beauty Parlour’ (India)
Best Original Score- Jason Kunwar for ‘Black Hen’ (Nepal)
Special Jury Award- ‘Pinky Beauty Parlour’ (India)
Special Jury Mention- ‘Frangipani’ (Sri Lanka)
Special Jury Mention for Cinematography- Swapnil Sonawane for ‘Tandaav’ (India)
Best Short Film- ‘The Water’ (Afghanistan)
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි Udithe Lakmal