සුගත් සමරකෝන්, 'අමල් බිසෝ', 'දේශපාළුවා', 'වීර පුරන් අප්පු', 'කොමාන්ඩෝ දියසේන', 'උතුරේ රාහුල හිමි', 'සාගරයක් මැද්දේ' වැනි වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කරමින් 80 දශකයේ මෙරට වේදිකා නාට්‍ය ක්ෂෙත්රයේ ජනප්‍රිය නාට්‍ය රැල්ලක් නිර්මාණය කළේය.
අනතුරුව ඔහු සිනමාවට සම්බන්ධ වන්නේ 'වියරු මිනිසා' චිත්‍රපටය සමඟිනි. ඉන් අනතුරුව ඔහු ලංකාවෙන් වෙනත් රටකට ගොස් වසර ගණනාවක් සිට යළිත් ලංකාවට පැමිණ සිනමා ක්ෂෙත්රයට සම්බන්ධ වන්නේ එකල මෙහි පැවති ඵෙතිහාසික කතා රැල්ලට' විජය කුවේණි’ නම් වූ සිනමා නිර්මාණය එකතු කරමිණී.
සුගත් සමරකෝන් පවසන්නේ ඔහු මෙරටට පැමිණි පසු "මොන වෙනස්කම් සිදුවුණත් ලංකාවට පැමිණි විගස ම මා මගේ ඇරියස් එක අර ගත්තා" යනුවෙනි.
එහිදී ඔහු දුලානි අනුරාධා ඔහුගේ චිත්‍රපටවල ප්‍රධාන නිළිය ලෙස තෝරාගැනීම පිළිබඳවද අදහස් ප්‍රකාශ කොට තිබිණි.
"අපට නළු - නිළියන් ගොඩක් ඉන්නවා. නමුත් ඈ මගේ නිර්මාණවල රඟපෑ චරිතවලට සාධාරණයක් ඉටුකළා. අද වනතුරුත් කිසිවකු ඈ ඒ චරිතවලට නොගැලපෙන බවත්, ඇගේ රඟපෑමේ අඩුලුහුඬුකමක් ගැනවත් මට පවසලා නැහැ. එහෙමනම් ඇයි මා, ඈව මගේ නිර්මාණවලින් ඉවත් කරන්නේ. අනෙක් කාරණය නම් මා දන්න රංගන ශිල්පීන් සමඟ කටයුතු කිරීම මට පහසුයි. ඔවුන් මාව මෙන්ම මා ඔවුන්ගේ රංගන ප්‍රතිභාව කොතරම් ද කියලත් දන්න නිසා ඔවුන් සමඟ වැඩ කිරීම මට පහසුයි".
"ලබන වසරේ 'ජුදාස්ට එරෙහිව ජුදාස්' කෙටි චිත්‍රපටය තිරගත කිරීමත්, මේ වනවිට තිරරචනය ලියා තිබෙන 'ත්‍රයිලෝක පත්‍රම්', 'කුවේණිගේ දරුවෝ' චිත්‍රපටයත් නිර්මාණය කිරීමත් සඳහායි මගේ අවධානය යොමු වී තිබෙන්නේ. ඒ වගේ ම 'මහා රාවණා' යන නිර්මාණත් ඉදිරියේ දී නිර්මණ බවට පත්කිරීමටයි මා සිතාගෙන සිටින්නේ. මා මිය යන්නට පෙර මේ නිර්මාණ පහ අවසන් කිරීමයි මගේ බලාපොරොත්තුව වන්නේ"
"අපේ කාලයේ පටාචාරා "ඔහුගේ සිවුවැනි චිත්රපටයය.අපේ කාලයේ පටාචාරා මේ මස 09 වැනිදා සිට එල්. එෆ්.සී. මණ්ඩලයේ සිනමා ශාලා රැසක තිරගතවීමට නියමිතය.