ලංකාවෙ හොර අරක්කු එතනෝල් ජාවාරම් කරුවන් ප්‍රසිදධියේම සිය කර්තව්‍යන් කරගෙන යනවා.මේ හොර ජාවාරම් සඳහා රාජ්‍ය අනග්රහයත් ලැබෙනවා.මේ පිළිබඳව ලෙිදරව් වුනත් මේ පිළිබඳ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඉන්දියාවෙත් මේ හොර අරක්කු ජාවාරම ජයටම කරගෙන යන රටක්. මේ ව්‍යාපාරයට ශාරුක් ඛාන් සම්බන්ධවෙලා තියෙනවා.
ශාරුක් ඛාන් රංගනයෙන් දායකවන නවතම සිනමා නිර්මාණය "Raees"2017 ජනවාරි 25දින ඉන්දියාව ඇතුළු රටවල් රැසක ප්‍රදර්ශණය ඇරඹෙනවා. මෙහි ශාරුක් සමග ප්‍රථම වතාවට චරිතාංග නළුවෙකු වූ Nawazuddin Siddiqui මෙහි ප්‍රධාන චරිත රගපානවා.
මෙය අහමදාබාද්වල හොර අරක්කු ජාවාරම් කාරයෙකුගේ සැබෑ ජීවිතය අළලා නිර්මාණය වූ සිනමා නිර්මාණයකි.
මෙම චිත්‍රපටයේ පාකිස්තාන් රංගන ශිිල්පිණියක වූ මහිරා ඛාන් ද සනී ලියෝන් ගීතමය ජවනිකාවක් සඳහාද රංගනයෙන් එක්වන අතර 1980 දශකයේ වඩාත් ජනප්‍රිය වූ කල්යාන්ජි ආනන්ජි සංගීතවත් කල කුරුබානි චිත්‍රපටයේ ලයිලා මේන් ලයිලා ගීතය යොදාගෙන ඇත.
චිත්‍රපටය අධ්‍යක්ෂණය Rahul Dholakia.තිර රචනය -Rahul Dholakia, Harit Mehta, Ashish Vashi and Niraj Shukla.කැමරා කේයූ මොහානාන් සංගීතය රාම් සම්පත් ගෙනි.