ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධාන කරනු ලබන “සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහ පොළවට” කෙටි නාට්‍ය උළෙල අද(13) ආරම්භ කිරීමට නියමිතය.
එම අවස්ථාව සනිටුහන් කරමින් විවිධ රටවල සංස්කෘතීන් නියෝජනය කරන පා ගමනක් අද සවස 3 ට නුගේගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කොට විශ්වවිද්‍යාල පරිශ්‍රය දක්වා ගමන් කරයි.
කෙටි නාට්‍ය උළලේ සමාරම්භක උත්සවය සරසවි එළිමහන් රංග පීඨයෙදී සවස 7 ට පැවැත්වෙනු ඇත.