මුහුණු පොතේ කවි සංස්කෘතිය නව මාවතක් එක්කරමින් යොවුන් කවි පරපුරක් ම උත්කර්ෂයට නැංවූ ඉන්දික ගුණවර්ධන නම් වූ හිතෛෂීවන්ත සහෘදයා හදිසි රෝගාබාධයකට ලක් ව, මීට ස්වල්ප මොහොතකට පෙර සිය දිවි ගමන අවසන් කළ වග සාතිශය කණගාටුවෙන් යුක්ත ව මෙසේ දන්වා සිටිමි.
ඉන්දික ගුණවර්ධන ඔබට සුබ ගමන්
...
යළිත් නොඑනා වසන්තය
------------------------------
හිම කැට දිළිසෙයි
සිසිරයේ වැස්සේ
සැඩ නළ නපුරුයි
පොප්ලර් තුරු හැඩුවා රහසේ
ඒත් මම තවමත් මෙතැනම
ඔබ එතැයි පෙර මං බලාගෙන
කෝ වසන්තේ....
යළිත් එනවායැයි දිව්රා කියූ
උණු හිම දිය වී
දොන් නදිය සසලයි
පන්නරය නොලබා දිරායයි
අපට පණ දුන් වානේ
සැබෑ මිනිසුන්ගේ කතා
යළිත් නෑ ඇසෙන්නේ
මළ මිනිසුන් පමණක් තවමත්
හුස්ම ගන්නා හඩ අතරින්...
කෝ වසන්තේ...
යළිත් එනවායැයි දිව්රා කියූ
ප්‍රේමය ගොළු වී
ස්ටෙප්ස් බිම නිහඩයි
ගී ගැයු දනියාර් යළිත් නෑ
අයිලයේ ගී ගයන්නේ
පෙති සිඳුණු හත් පෙති මලේ
සුවඳ යළි කිසි දා නොදැනේ
වියපත් වූ අම්මා පමණක්
තවමත් නෙතු දල්වයි අඳ නෙතින් ...
කෝ වසන්තේ...
යළිත් එනවායැයි දිව්රා කියූ
ඉන්දික ගුණවර්ධන