වර්ෂ අවසානයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරු නුවර පැවැත්වීම සඳහා සංවිධාන කර තිබුණු “සනී ලියොන්ගේ” ප්‍රසංගය තහනම් කිරීමට ප්‍රාන්ත අමාත්‍යවරයා නියෝග කර තිබේ.
ඒ ප්‍රසංගයට එල්ල වූ ජනතා විරෝධය නිසා ය.
සරාගී ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සනීගේ ප්‍රසංග කර්ණාටක සංස්කෘතියට පටහැනි බව පවසමින් එම ප්‍රාන්ත සංවිධාන රැසක් සිය බලවත් විරෝධය දක්වා තිබුනේ සනීගේ ඡායාරූප ප්‍රසිද්ධියේ පුළුස්සා දමමිනි.
ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 31 වැනිදාය.