සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු මුද්දර කාර්යාංශය විසින් ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ මෙරටට ආවේණික පක්ෂීන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක් නිකුත් කර ඇත.
තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්ගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේ දී මෙම නව මුද්දර එලි දක්වා තිබේ.
ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිටතඹලයා, ශ්‍රී ලංකා සිළුකවුඩා යන කුරුල්ලන් සිව්දෙනා මෙම මුද්දර පෙළින් නිරූපණය කෙරේ.