චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවයට වසර 60 ක් පිරිම නිමිත්තෙන් චීන ජාතික යුවල 50 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹදී විවාහ දිවියට පිවිස තිබේ.
සංචාරක අමාත්‍යංශය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, කොළඹ චීන තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක මෙහෙයවීමෙන් සංවිධානය කර තිබුණු මංගලෝත්සවය ඊයේ(17) දින කොළඹ නගර සභා පරිශ්‍රයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාව, මංගල උත්සව පැවැත්වීම සඳහා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙම උත්සවයේ අරමුණ වී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින චීන ආයෝජන සහ ඉදිකිරීම් රැසක් සඳහා චීන ජාතිකයෝ විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
චීන ජාතිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් සහ අවන්හල් රැසක්ද කොළඹ නගරයේ තැනින් තැන දක්නට ලැබේ.
https://mirrorarts.lk/news/2403-chinese-couples-tied-the-knot-at-a-mass-wedding-ceremony-held-at-the-colombo#sigProId994b5617e3