සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා බඳවා ගැනීමේ ජංගම සේවයක් කොළඔදී ක්‍රියාත්මක කර තිබේ.
බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී එය සිදු කර ඇත්තේ 19 අඟහරුවාදා දිනයි.
රජය විසින් සෑම දායකයකු සඳහාම රු.50, 000 ක මුදලක් විශ්‍රාම වැටුප් ක්‍රමයට බැදෙන දිනයේ දී වෙන් කරනු ලැබෙන අතර කලාකරුවාට වයස අවුරුදු 60 සම්පූර්ණ වීමේදී පොලී මුදලක් සහිතව විශ්‍රාම වැටුප් හිමි වන බව එහිදී අදහස් දැක් වූ සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු සදහන් කර ඇත.
වයස අවුරුදු 23 ත් 55ත් අතර කලාකරුවන්ට මේ සඳහා දායක විය හැක.
වයස අවුරුදු 60 ඉක්ම වූ පසු ඔවුන් මෙහි ප්‍රතිලාභීන් බවට පත්වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කලාකරුවකු බවට සංස්කෘතික නිලධාරීන් විසින් සහතික කර තිබීම සහ කලාකරුවකු ලෙස පූර්වාසන්න වසර 5ක් තුළ කලාවට සක්‍රීය දායකත්වයක් සිදුකර තිබීම, රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපක් නොලබන කලාකරුවකු වීම මේ සඳහා අවශ්‍ය සුදුසුකම් බව ශ්‍රී ලංකා සමාජ සේවා මණ්ඩලයහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කල්හාරි ද සිල්වා සදහන් කරයි.
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත සමාජ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලය මඟින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බව ඇය වැඩි දුරටත් සදහන් කර ඇත.
එහිදී කලාකරු හැඳුනුම්පත් ලබා දීමේ ජංගම සේවයක් ද ක්‍රියාත්මක කර තිබේ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ සේවා මණ්ඩලයහි කළමනාකරු ඉන්දික තේජාන්, ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක සංගීත ශිල්පි රොෂාන් ප්‍රනාන්දු ඇතුළු සංගීත ක්ෂේත්රය නියෝජනය කරන කලාකරුවන් 180 කට ආසන්න පිරිසක් සහභාගි වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
Radiogagana