උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් අලුත් විකාශයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ඇරඹීමට නියමිත නාලිකාව සඳහා වෙනම සංඛ්‍යාතයක් ලබා දී අවශ්‍ය නව තාක්ෂණික උපකරණ ද ඇනවුම් කොට ඇතැයි 20 බදාදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත.
සංහිඳියාවේ නාලිකාව වෙනුවෙන් උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා චාවකච්චේරිය ප්‍රදේශයේ මීසාලෙයි වීරසිංහම් මධ්‍ය මහා විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දුන් පර්චස් 100ක භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත පවරාගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවද ඔහු එහිදී සදහන් කර තිබේ.