සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් වාර්ෂිකව සිදු කරන බෞද්ධ සාහිත්‍ය ඇගැයීමේදී මෙවර විශිෂ්ට කෘතීන් 7ක් නිර්දේශ වී ඇති අතර එම කෘතීන් සම්මාන සඳහා යෝජනා වී තිබේ.
2016 වර්ෂයේදී පළවූ එම කෘතීන් වන්නේ ග්‍රැෆිකෙයා ප්රකාශනයක් වන තනුජා එන්. අයගම රචිත "මගේ ගුරුතුමා" මහාචාර්ය අසංක තිලකරත්න ලියූ ඩෙන්සිල් සේනාධීර පරිවර්තනය කළ ඇස්. ගොඩගේ ප්රකාශනයක් වන "නිර්මාණය සහ ආවාච්යත්වය, "යථාර්ථය හා භාෂාව පිළිබඳ බෞද්ධ න්‍යාය සම්බන්ධව අධ්‍යයනයක්," ඇස්. ගොඩගේ ප්රකාශනයක් වන දිල්ෂාන් මනෝජ් රාජපක්ෂ රචිත "සංශයවාදය හා ඥානයෙහි සීමාසහිත බෞද්ධ දාර්ශනික විග්‍රහයක්," ස්වර්ණා ඉහළගමගේ රචිත ඇස්. ගොඩගේ ප්රකාශනයක් වන"මිහිලිය මත කළයක් තිබූ අන්දම්" කළය පිළිබඳ සමාජ සංස්කෘතික අධ්‍යනයක්, සනත් නානායක්කාර රචනා කළ "ඕභඤඤඩඪඵබ ර්ථීඩඪතධඵධනඩර, ඩ්ඪඵබධපර චදඤ ඛ්භතබභපඥ ඉඥතඥජබඥඤ ඡ්ඵඵචරඵ" ආචාර්ය මනාකඩ ඛේමානන්ද හිමියන් රචනා කළ "ඒද ධ්දබපධඤභජබඪධද බධ ජ්චභදච ඪද බඩඥ ඕභඤඤඩඪඵබ ඛ්චදදධද" කෘතියත් සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
නිර්දේශ වූ කෘති අතර සරසවි ප්රකාශනයක් වන ආචාර්ය ධනංජය ගම්ලත්ගේ "ජේතවන ස්තූපයේ වාස්තු විද්‍යා මූලිකාංග ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රම" කෘතියද වේ.
ඒ අතර සුවිශේෂී සම්මාන 2ක් වන සෝලියස් මැන්ඩිස් අනුස්මරණ සම්මානය සිබිල් වෙත්තසිංහ මහත්මියටත් මහාචාර්ය ජී. බී. මලලසේකර අනුස්මරණ සම්මානය මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාටත් පිරිනැමීමට නියමිතය.
(මව්බිම)