“බග්ස් බනි” නැතිනම් අපි කවුරුත් හොඳින් හඳුනන “හා හා හරි හාවා” කාටුනය නිර්මාණය කළ සජීවිකරණ ශිල්පී බොබ් ගිවන්ස් සිය දිවියෙන් සමුගෙන තිබේ.
ඔහු මිය යන විට 99 හැවිරිදි වියේ පසුවිය.
ඩිස්නි, වෝනර් බ්රදර්ස් සහ හැනා බාබරා වැනි නිෂ්පාදක සමාගම් වෙනුවෙන් වසර 60 කට වැඩි කාලයක් ඔහු සිය සේවය ලබා දී ඇත.
ගිවන්ස්ගේ දැතින් නිර්මාණය වුනු සෙසු ලොව සුප්රකට කාටුන් චරිත ටොම් ඇන්ඩ් ජෙරී, ඩැෆී ඩක්, ඇල්වින් ඇන්ඩ් ද චිප්මොන්ක්ස් සහ පපායි නම් වේ.
සජීවී නිර්මාණකරණයට පිවිසීමට පෙර එනම් දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඔහු එක්සත් ජනපද හමුදාවට සිය සේවය ලබා දී තිබුණි.
1937 දී තම නිර්මාණ දිවිය ඇරඹු ගිවන්ස් වඩාත් ප්රසිද්ධියට පත්වුයේ 1940 දී “බග්ස් බනි” චරිතය නිර්මාණය කිරීමෙන් පසුවය.