කංඡායුධ , අතීතශ්රීලංකාවේවාසයකලශක්තිවන්තයෙකුගේවෘතාන්තයක්වටාගෙවුණු, ත්රාසයසහක්රියාදාමයන්කැටිකොටගත්ගවේශනාත්මකපරිගණකක්රීඩාවක්.
මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.
මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි.
අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ.
මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වනවා.
කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතයි.
කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය.
ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කරලා තියනවා.
පරිගණක ක්‍රීඩාව දෙසැම්බර් 13 වන දින එළිදැක්වීමට නියමිතව තිබේනවා. කංඡායුධ ගැන වැඩි විස්ථර ඉදිරියටත් 'මිරර් ආර්ට්ස්' වෙතින් ගෙන එන්න බලපොරොත්තු වෙනවා.