70 වන නිදහස් සමරුවට නිදහසේ පියා ඩී.එස්.නමින් වෘත්තාන්ත චිත්‍රපටයක් රූගත කිරීමට සූදානම් වේ. මෙහි මුහුරත් උළෙල පසුගියදා වෝටර්ස් එජ් හිදී පවත්වන ලදී.මෙහි අධ්යක්ෂවරයා වනුයේ 'සිංහාවලෝකනය', 'සුරංගන ලොවින් ඇවිල්ලා' , 'ස්පන්දන', 'ආකර්ෂා' යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සුනෙත් මාලිංග ලොකු හේවාගේය.
'නිදහසේ පියා ඩී.එස්.' නිෂ්පාදනය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගෙනි. සම නිෂ්පාදකයන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලවතුවල සහ සස්ත්රිය රාජපුත්‍ර වීරසිංහය. කැමරාව චන්දන ජයසිංහගෙනි. සංගීතය සමන්ත පෙරේරාය.නිර්මාණ උපදේශකත්වය නීතිඥ සමන් වීරමන්ය.
මෙහි ඩී.එස්.සේනානායක චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂමන් මෙන්ඩිස්ය.ඔහුගේ තරුණ අවධිය තුමුදු දොඩන්තැන්න රඟපායි. මොලි දුනුවිලගේ වැඩිහිටි චරිතය සුසන්තා චන්ද්‍රමාලිය. තරුණ අවධිය තිසුරි යුවනිකාය.එෆ්. ආර්.සේනානායක තරුණ අවධිය ඉසුරු ලොකු හෙට්ටිආරච්චිය. වැඩිහිටි එෆ්.ආර්. පාලිත සිල්වාය. බාරොන් ජයතිලක බුද්ධදාස විතානාරච්චිය. ජෝන් කොතලාවල සජීව රාජපුත්‍රය. මෙලෙස ඉතිහාසයේ ප්‍රසිද්ධ චරිත ගණනාවකට ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.
https://mirrorarts.lk/news/243-70#sigProId2d76ee7909