සිනමා ක්ෂේත්රය තුලු අනෙකුත් රැකියා ස්ථානයන්හි සිදුවන ලිංගික අපචාර වලට එරෙහිව නැඟී සිටීම සඳහා උපකාර කිරීම පිණිස රංගන ශිල්පිනියන්, ලේඛිකාවන් සහ අධ්යක්ෂවරියන් 300 කට අධික පිරිසක් එක්ව ව්‍යාපෘතියක් අරඹා තිබේ.
“ටයිම්ස් අප්” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය ප්‍රථම වරට හඳුන්වා දී ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ සම්පුර්ණ පිටුවක් පුරා පල කළ දැන්විමකිනි.
සුප්‍රකට රංගන ශිල්පිනියක් විසින් සිනමා නිෂ්පාදක හාවී වින්ස්ටන් ට එරෙහිව ලිංගික අතවර චෝදනා එල්ල කිරීමේ සිදුවීමෙන් අනතුරුව මෙම හොලිවුඩ් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
“ටයිම්ස් අප්” සඳහා නතාලි පෝර්ට්මන්, රීස් විතර්ස්පූන්, කේට් බ්ලන්ශේ සහ එමා ස්ටෝන් වැනි ප්‍රකට චරිත සිය ගණනක් සිය දායකත්වය ලබා දෙති.
රැකියා ස්ථානයන්හි ලිංගික හිංසනයට භාජනය වන කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවය සඳහා මුල්‍යමය වශයෙන් උපකාර සැපයීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි.