මෑත කාලිනව බොලිවුඩ් සිනමාව තුල වඩාත් මතබේදයට තුඩු දුන් “පද්මාවතී” සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සඳහා එරට වාරණ මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
14 වැනි සියවසේ විසු හින්දු රැජිනක් සහ මුස්ලිම් පාලකයෙක් පාදක කරගත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එරෙහිව හින්දු සහ කුල කණ්ඩායම් ඉන්දියාව පුරා උද්ඝෝෂණ මෙහෙයවා තිබුණි.
කෙසේ වෙතත් සිනමාපටයේ කිසිදු දර්ශනයක් කප්පාදුකර නොමැති බව ඉන්දීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අවසර ලබා දෙන මධ්‍යම මණ්ඩලය(CBFC) එරට මාධ්‍ය වෙත පවසා ඇත.
පද්මාවතී ප්‍රදර්ශනයට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලක් පසුගිය නොවැම්බරයේදී ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ පද්මවති රැජිනගේ චරිතය දීපිකා පදුකෝන් විසින් රඟ දක්වන අතර මුස්ලිම් පාලක අලවුදින් කිල්ජි චරිතය රන්විර් සිං විසින් රඟ දැක්වේ.