අකිල සපුමල්ගේ නවතම වේදිකා නිර්මාණය “ගුත්තිල කාව්‍ය” මංගල දර්ශනය එළඹෙන 11 වැනිදා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් රඟ හලේදී පැවැත්වීමට නියමිතය.
ඒ එදින සවස 7 ටය.
වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය ඇසුරින් නිර්මාණය කර ඇති මෙම වේදිකා නාට්‍ය සඳහා චන්ද්‍රසෝම බින්දුහේවා, ප්‍රසන්නජිත් අබේසුරිය, ජයනාත් බණ්ඩාර, තිලංක ගමගේ, දිනුපා කෝදාගොඩ, තිලාන් වර්ණජිත්, සුසංග කහඳවලආරච්චි යන රංගන ශිල්පින් ශිල්පිනියන් රංගනයෙන් දායක වේ.