සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය සංවිධානය කරනු ලබන “පැහැසරණිය” විශේෂ සිනමා උත්තමාචාර උළෙල ජනවාරි 14 දා පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
මෙරට කලාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගයමින් කලාකරුවන් සයදෙනෙකුට එහිදී ගෞරව උපහාර පුදනු ලැබේ.
ඒ අනුව අයිරාංගනී සේරසිංහ, ඩග්ලස් රණසිංහ, අමරසිරි කලංසූරිය, මානෙල් වානගුරු, යමුනා මාලනී පෙරේරා, ඒ. ඩී. රංජිත් කුමාර මෙහිදී උපහාර ලබනු ඇත.
අමිතා වැදිසිංහ, රූපා ඉන්දුමතී, රෝහණ සිරිවර්ධන, ඉන්ද්‍රානි බෝගොඩ, නන්දා පතිරණ, ආත්මා ලියනගේ, ශෝන් මැක්ස්මස් දිසානායක, ප්‍රියනාත් රත්නායක, තීක්ෂණ අනුරාධ, දර්ශන ප්‍රමෝද්, රොහාන් ද සිල්වා, සූරියා දයාරුවන්, ජනිත් ඉද්දමල්ගොඩ, සාරංග දිසාසේකර, ශිරෝමා පෙරේරා ගීත ගායනයෙන් ද සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, සංගීත් ප්‍රභූ, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, තාරුක මුණසිංහ, රුක්ෂානා දිසානායක, අනුරාධා එදිරිසිංහ, චමරි ලියනගේ, සිතිජ ජයසේකර, අරවින්ද දොඹගහවත්ත, එරංග ජීවන්ත, ජනිත් වික්‍රමසිංහ රංගනයෙන් ද ප්‍රසංගයට දායක වීමට නියමිතය.