“ප්ලේ බෝයි” සඟරාවේ ජර්මානු සංස්කරණයක මුල් කවරය සඳහා ප්රථම වතාවට සමරිසි නිරූපන ශිල්පිනියකගේ රුව යොදා ගෙන තිබේ.
උඩුකය නිරුවත් රුවකින් මුල් කවරය සැරසීම ජර්මානු ප්ලේ බෝයි සඟරාවේ සම්ප්රදායක් ලෙස සැලකේ.
ඒ අනුව 21 හැවිරිදි ගිලියානා ෆාෆලා මේ වෙනුවෙන් පෙනී සිට ඇත.
ඇය වඩාත් ප්රසිද්ධියට පත්වුයේ රියලිටි ටෙලි මාලාවකට සම්බන්ධ වීමෙන් අනතුරුවය.
11 බ්රහස්පතින්දා පටන් ජනතාව අතට පත්වන සඟරාව පිලිබඳ තමා වඩාත් සතුටට පත් වන බව ගිලියානා පවසන්නීය.
ලොව ප්රථම වතාවට ප්ලේ බෝයි සඟරාවේ සමරිසි ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇත්තේ ප්රංශ නිරුපිකාවක වන ඉනේ රෝ ය. ඒ පසුගිය වසරේදීය.
එසේම එක්සත් ජනපදය පසුගිය වසරේදී සිය ප්ලේ බෝයි සංස්කරණය සඳහා සමරිසි ශිල්පිනියක් යොදා ගෙන තිබුණි.