අරුන්දතී රෝයිගේ අලුත්ම නවකතාව The Ministry of Utmost Happiness (පරම සන්තුෂ්ටියේ අමාත්‍යාංශය )පිළිබඳව දැනටමත් ප්‍රේක්ෂකයන් වගේම විචාරකයන් විශේෂ අවධානය යොමුකරන්න පටන් අරගෙන.
බුකර් සම්මානයෙන් පිදුම් ලද ඇගේ The God of Small Things නවකතාව ලියා වසර 20කට පස්සෙ ඇය මේ නවකතාව ලියනවා.
මේ කතාවෙන් ඇය අත්දුටු සමාජ ,දේශපාලනය ඇගේ පරිකල්පනයට එකතුවෙනවා .සැබැවින්ම පසුගිය කාලයේ ඉන්දියාවේ උද්ගතවූ දරුණුම කාරණා දෙකක් පිළිබඳව ඇය මේ තුළින් කතාකරනවා.හින්දු අන්තවාදය ,කාෂ්මීරයේ ඇවිලෙන යුද ගිනි ගැන ,කුලවාදය ගැන වගේම ඉන්දු පාකිස්තාන විරසකය ගැනත් මේ හරහා කතාකරනවා.
මේ පොත ලිවීමේදී අරුන්දතී රෝයිට ඇය ඇසූ දුටු දේවල් බොහෝ දුරට උදව්වුණා.ඇයට සාමාන්‍යයෙන් කෙනෙකු නොයන ඉන්දීය ප්‍රදේශවලට යන්න ලැබෙනවා ඒ අත්දැකීම් සියල්ලම එකතු කරගෙන ඇය මේ ප්‍රබන්ධය ලියනවා .
හැබැයි මේ ප්‍රබන්ධය ලියන්න ගන්නෙ මීට අවුරුදු 10කට විතර කලින් .සැබෑවටම මේ ප්‍රබන්ධය හරහා ඇය ඉන්දියාවේ යම්කිසි සමාජ දේශපාලන අවස්ථාවන් ගැන ඇය නිතැතින්ම කතාකරනවා .