ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ බුද්ධි කීර්තිසේන සිංහල සිනමාවේ 71වන ජන්මදිනය දා උපන්දින තිළිණයක් ලෙස "විජයබා කොල්ලය” රිදී තිරයට ගෙන ඒමට සූදානම් වේ.
මෙහි අධ්‍යක්ෂණය සඳහා තෝරාගෙන ඇත්තේ සම්මානිත මාහාචාර්ය සුනිල් ආරියරත්නයි.
සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ ජනප්‍රිය ඵෙතිහාසික නවකතාවක් වූ "විජයබා කොල්ලය” ඇසුරින් තිරනාටකය රචනාකර ඇත්තේ ආචාර්ය තිස්ස අබේසේකර ය.
මෙය තිස්ස රචනා කළ අවසන් සිනමා තිර නාටකය වේ.
සිනමාවේ 71වන උපන්දිනය යෙදෙන ජනවාරි 21දා බම්බලපිටියේ 'මථුරා’ අවන්හලේදී "විජයබා කොල්ලය” ආරම්භ වනුයේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සිනමාවේ ජේ්යෂ්ඨතමයන් වන සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, නන්දා මාලිනී, ශ්‍රියානි අමරසේන ආදීන්ගේ ප්‍රධානත්වයෙනි.