ජනප්රිය රංගන සහ නර්තන ශිල්පිනි හිමාලි සිරිවර්ධන පළමු වතාවට මව් පදවියෙන් පිදුම් ලබන්නට සුදානමින් සිටින වග වාර්තා වේ.
පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පවසා ඇත්තේ ලබන මැයි මසදී පමණ අලුත් අමුත්තා ඔවුන්ගේ කැදැල්ලට එක්වන බව යි.
නර්තනය සහ රංගනය සම්බන්ධ විවිධ හේතු මත විවාහ වී වසර 10 ක් පමණ යනතුරු දරුවකු ලැබීමේ හීනය කල් දැමීමට සිදු වුණත් දැන් ඒ හීනය සැබෑ වෙන තුරු, අලුත් අමුත්තා එනතුරු සතුටින් බලා සිටින බව හිමාලි වැඩිදුරටත් පවසා තිබේ.