ඉන්දියාව ම ආන්දෝලනයකට ලක්කළ ජනප්රිය චිත්රපට අධ්යක්ෂ සංජය ලීලා බන්සාලිගේ පද්මාවතී ලංකාවේ ප්රදර්ශනයට අවස්ථාව ලබාදෙන ලෙස අගමැති රනිල් බන්සාලිගෙන් ඉල්ලීමක් කර ඇතයි වාර්තා වේ.
පසුගිය දෙසැම්බරයේ ප්රදර්ශනයට නියමිත වුවද දැඩි ජනතා විරෝධය නිසා එම චිත්රපටය ඉන්දියාවේ ප්රදර්ශනය කළ නොහැකි විය .
නැවත ජනවාරියේ 25වන දින ප්රදර්ශනයට දින නියම වුවද මේ වන විට එරට වාරණ මණ්ඩල ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණ කරමින් සිට්න බව වාර්තා වේ.කෙසේ වුවද චිත්රපටය එරට ප්රදර්ශනයට සමගාමීව මෙරට ප්රදර්ශනයට අවසර ලබා දෙන ලෙස අගමැති රැඟුම් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව රැඟුම් පාලක මණ්ඩලය අධ්යක්ෂ බන්සාලි සමඟ සාකච්ඡා කර ඇති අතර ඔහු ඒ සඳහා එකඟතාව පළකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.