මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම කාන්තාවන්ට තහනම් කරමින් පනවා තිබු යල්පැන ගිය නීති ඉවත් කරමින්, රජය විසින් නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කර හෙට (16) තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ප්‍රවීන සාහිත්‍යවේදිනියක් හා සමාජක්රියාකාරීනියක් වන නදී වාසලමුදලිආරච්චි mirrorats වෙත ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වා සිටියේය.
කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක්
මත්පැන් පනත ලිහිල් කිරීමෙන් කාන්තාවන්ටත් පිරිමින් හා සම තැනක් හිමිවුණා. නමුත් ඒ පනත නැවත වතාවක් ජනාධිපතිවරයා විසින් අහෝසි කළා. මෙතනදි කාන්තාවන් මත්පැන් බොනවද කියන එක නෙවෙයි ප්රශ්නය වෙන්නෙ. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක්. මොකද තව දුරටත් මේ ගැන බැලුවම ඇයට හිමිවුණු රැකියා අවස්ථාවක් මගහැරෙනවා.
ප්රජාතන්ත්ර විරෝධියි
අනෙක මෙතනදි කාන්තාවකගෙ කැමැත්ත අකමැත්ත තීරණය කරන්න ආණ්ඩුවක් ඕනෙද, ජනාධිපතිවරයෙක් ඕනෙද? කියන ප්‍රශ්නයත් මතුවෙනවා. ඇරත් ඇයි කාන්තා පුරුෂ කියන එක බෙදල කාන්තාවන්ට වෙනස් විදියකට සලකන්නෙ කියන ප්‍රශ්නයත් මතුවෙනවා. කාන්තාවන්ට හොඳ නැත්නම් ඒක පුරුෂයන්ටත් තහනම් කරන්න ඕනෙ .
මේක හරි වර්ගවාදියි. මේ වැඩේ හරිම ගෝත්‍රිකයි. මෙතනදි කෙනෙක් හිතාවි මට බොන්න ඕනෙ නිසා මෙහෙම කතාකරනවා කියලා. කිසිසේත්ම නැහැ. මම පුද්ගලිකව බොන කෙනෙක් නෙවෙයි. නමුත් මම මෙතනදි විරුද්ධ වෙන්නෙ පිරිමින්ට එක විදියකටත් කාන්තාවන්ට තව විදියකටත් සලකන මේ ක්‍රියාකලාපයට. මොකද මේ රටේ එක කාන්තාවක් හෝ බොනවා නම් ඇයට ඒ නිදහස තියෙන්නෙ ඕනෙ. එවැනි තැනක රැකියාව කරන්න කැමැති තැනැත්තියකට ඒ නිදහස තියෙන්නෙ ඕනෙ. අද ජනාධිපතිවරයා කාන්තාවන්ට තියෙන අත හෙට පුරුෂ පක්ෂය ළඟදිත් තියන්න බැරි කමක් නැහැ. මේ වගේ ඡන්ද ගුණ්ඩුවලට කාන්තාවන් පාවිච්චි කරනවට මම කොහෙත්ම කැමැති නැහැ. ඒක හරිම පහත් දෙයක් මෙතනදි කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. අනෙක ප්රජාතන්ත්රවාදය පැත්තෙන් ගත්තොත් ලංකාවේ ව්‍යස්ථාවෙ වගන්ති උල්ලංඝනය වීමක්. ඇත්තටම ජනාධිපතිවරයෙක් මේ වගේ තීරණයක් ගැනීමම ප්රජාතන්ත්ර විරෝධියි.
ජනාධිපතිවරයා ක්‍රියාකරන ආකාරය ගැන හිතාගන්න බෑ
ඉහත කරුණු නිසා මම මේකට එරෙහි වෙනවා .එහෙම නැතිව ස්ත්‍රී වාදීව නෙවෙයි. මේ වගේ ප්රතිගාමී තීරණ වලට මුළු ලංකාව ම එරෙහි වෙන්න ඕනෙ. විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයා වුණාම ප්රගතිශීලී විය යුතුයි. දැන් බලන්න ජස්ටින් ටියුඩර් ගත්තොත් ඔහු ආව ගමන් මොනාද කළේ සමලිංගික අයිතිවාසිකම් සහ ස්වාධීනව මිනිසෙකුට මැරෙන්න තියෙන අයිතිය අධිකරණයෙන් අරන් දුන්නා. ඒ වගේ ප්රගතිශීලී නායකයො ඉන්න ලෝකයක අපේ ජනාධිපතිවරයා ක්‍රියාකරන ආකාරය ගැන හිතාගන්න බෑ.
සබැදි පුවත්
'ස්ත්රීන්ට පිරිමින්ට - කොන්දේසි දෙකක් සාධාරණ නැහැ'
'ගෑණු බොන එක ගැන හාමුදුරුවරු කලබලවෙන්න ඕනේ නැහැ' - දීපානි
ඇයට ඇයගේ නිදහස "දෙන්න" අපි කවුද?